විදුහල්පතිතුමාගේ පණිවිඩය

ලෝකයේ ඇති සියල්ල යථාර්ථයෙන් දැකීමට ප්‍රඥාව නමැති ඇස අවශ්‍යවේ. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සුත්‍රයේදි,
චක්ඛුං උදපාදි ඥානං උදපාදි
පඤ්ඤා උදපාදී විජ්ජා උදපාදී
ආලෝකෝ උදපාදී,
යනුවෙන් දේශනා කළේ ලෝකය දැකීමටත් ඉන් මිදීමට දැනුම නමැති ආලෝකය අවශ්‍ය බවයි. එම බුදු වදන සනාථ කරන ශිල්ප ආයතනයක් ලෙස දකුණු පළාතේ මුලටියන කලාපයේ පිහිටි මාකදුර මධ්‍ය මහා විද්‍යාලය හැඳින්විය හැකිය.පියවරෙන් පියවර අධ්‍යාපන ක්ෂේත්රයේ ඉහළ තලයකට පැමිණි මෙම විද්‍යාලය වරක දී මහා විද්‍යාලයක් ලෙසත් පර්ෂද මූලස්ථාන මධ්‍ය මහා විද්‍යාලයක් ලෙසත් ඉසුරු පාසලක් ලෙසත් වර්තමානයේ 1AB පාසලක් ලෙසත් පත් වූ අගනා විද්‍යාලයකි.මින් නැණස පාදා ගත් මානව දූ පුතුන් සිරිලක පමණක් නොව ජාත්‍යන්තර තලයේ දස්කම් පෙන්වන බව නොරහසකි.එවන් වර්තමානයක් හිමි මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයට දහස් වසරක් ආයු ලැබ ජාතියට දේශයට අභිමානවත් දරු පරපුරක් බිහි කිරීමට භාග්‍ය උදා වේවා යනු මාගේ ප්‍රාර්ථනයයි.
චන්දික ජයවර්ධන
විදුහල්පතිතුමා
මාර/මාකදුර මධ්‍ය මහා විද්‍යාලය