![]() |
ක්‍රිස්තියානි මිෂනාරි පාසලක් ලෙස මාකදුර විද්‍යාලය ක්‍රිස්තු වර්ෂ 1913 දී ආරම්භ වී ඇති අතර එයට බැරගම විහාරස්ථානයේ වැඩ සිටි මාලිම්බඩ දේවානන්ද ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කරන ලද සිංහල බෞද්ධ පාසලක්ද පසුව එක් කර ඇත. පාසලේ පළමු විදුහල්පතිවරයා වී ඇත්තේ හෙන්ද්‍රික් ද සිල්වා සමරසිංහ මහතාය. එවකට පාසලේ අධ්‍යාපන භාෂා මාධ්‍ය වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවයි.වසර 1919 වන විට ළමුන් 100ට ආසන්න ප්‍රමාණයක් පාසලේ ඉගෙනුම ලබා ඇති අතර ක්‍රිස්තියානි මිෂනාරි පාසලේ අවසන් විදුහල්පති වී ඇත්තේ බලකාවල හාමු නැමැත්තාය. ක්‍රිස්තු වර්ෂ 1920 වන විට මෙම පාසල රජයට පවරා ගෙන ඇති අතර පාසල් නාමය “මාර/දේවානන්ද විද්‍යාලය“නම් විය.රජයට පවරා ගත් පාසලේ ආරම්භක විදුහල්පති ජී.ඩී.ඒ.සිරිවර්ධන මහතාය.ක්‍රි.ව.1957 දී මාකඳුර විද්‍යාලය,මහා විද්‍යාලයක් බවට පත් වී ,ක්‍රි.ව.1996 දී මධ්‍ය මහා විද්‍යාලය බවටද, ක්‍රි.ව.2008 දී ‘ඉසුරු පාසලක්“ බවටද පත් වී ඇත.අද වන විට සිසුන් 1325 ක් පමණ ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා මහඟු සේවයක් සිදු කරන ,භෞතික හා මානව සම්පත් අතින්ද විශාල ප්‍රගතියක් ලබා ඇති මෙම පාසල ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය වී ඇත.
