භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
MAKADURA M.M.V

මාර/මාකදුර මධ්‍ය මහා විද්‍යාලය

රුහුණු රට

  • Register
  • Login
MAKADURA M.M.V

මාර/මාකදුර මධ්‍ය මහා විද්‍යාලය

රුහුණු රට

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පතිතුමා
      • නියෝජ්‍ය විදුහල්පතිතුමිය
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
      • සාමාන්‍ය පෙළ විභාගය
      • උසස් පෙළ විභාගය
    • අයදුම් පත්‍ර
      • ඇතුලත් කරගැනීම
      • ඉල්ලුම් කිරීම
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි
  4. පාසලේ විනය නීති (Sample)

නීති හා රෙගුලාසි

 

  • පොදු උපදෙස් සහ පාසල තුළ හැසිරීම පිලිබද නීති රීති

    01).  පාසලේ ශිෂ්‍ය ඔබ  පාසල පැවැත්වෙන  සෑම දිනකම පෙ.ව.  7.20 වන විට පාසලට පැමිණිය    යුතුය.

    02).  උදෑසන තම පංති කාමර හා අවට පරිසරය පෙ.ව. 7.25 වන විට පිරිසිදු කර අවසන් කල යුතු   යුතුය.

    03).  පෙ.ව. 7.25ට. උදෑසන ආගමික වතාවත් සිදු කිරීම සදහා බාහිර පරිසරයේ  රැදී නොසිට තමන්ගේ පන්ති කාමරයට ගොස් සිටිය යුතුය.

    04).  උදෑසන රැස්වීම පැවැත්වෙන දිනයේදී තම පංතියට අදාළ  ස්ථානයේ පේළිවල සිට නිෂ්ශබ්දතාවයන්  යුතුව ආචාරශීලී හා විනයගරුක සිසු පිරිසක් ලෙස ඊට එක්විය යුතුය.

    05).  පාසලට ප්‍රවේශ වන ප්‍රධාන දොරටුවෙන් පමණක් උදෑසන පාසලට ඇතුළු විය යුතු ඔබ  ගේට්ටු පරික්ෂාවේ නිරත වන ශිෂ්‍ය නායක නායිකාවන්ට තම නිල ඇදුම අවශ්‍ය නම් පොත් බෑගය පරික්ෂා කිරීමට ඉඩදිය  යුතුය.

    06).  ප්‍රමාදවී පැමිණීම්වලට ලක් වුවහොත් අධීක්ෂණ  ගුරු භවතුන් විසින් සුදුසු අවස්ථාවන්හිදී  විනය ක්‍රියාමාර්ගයන්ට යොමු කරනු ඇත.

    07).  කෑම රැගෙන එන ඔබ කෑම පෙට්ටියක්  භාවිතා කල යුතු අතර කිසිසේත් කෑම ඔතන පොලිතීන් කොල ආදිය පාසල් භූමිය තුලට රුගෙන නොආයුතුය.

    08). පොත් බෑගය තුල ඔබ සතුව පැවතිය හැක්කේ අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය පොත් හා ගුරුභවතුන් උපදෙස් දී ඇති අත්‍යවශ්‍ය උපකරණ පමණි.

    09).  පාසල් භූමිය තුල පැණිරස අධික ටොෆි වර්ග හෝ බීම වර්ග ආහාරයට නොගත යුතු අතර චුයින්ගම් හැපීමද නොකල යුතුය.

    10).  පාසල් නිල ඇදුමින් සැරසී සිටියදී පාසලෙන් බැහැර දී වුවද පාසලේ කීර්තිනාමයට හානිදායක වන ලෙසින් කටයුතු නොකල යුතුයි.

    11).  පාසල් නිවාඩු දිනයන්හි අත්‍යවශ්‍ය කරුණක් සදහා ඔබ කැදවූ විට අනිවාර්යෙන්ම පාසලට පැමිණිය යුතුය.

    12).  මකන දියර පාසලට ගෙන ඒම හෝ අධ්‍යාපන කටයුතු සදහා භාවිතා නොකල යුතුය.

    13).  විශාල ප්‍රමාණයේ වෛවර්ණ ලේන්සු භාවිතා නොකල යුතුයි.

    14)   පාසල් කාලය තුල සුවද විලවුන් හෝ ආලේපන භාවිතා නොකල යුතුය.

    15).  පාසලට පැමි‍ණෙන ඔබට ජාතික ගීය හා පාසල් ගීය මතකයෙන් රිද්මානුකූලව ගායනා කිරීමට හැකිවිය යුතුය.

    16).  ආගමික වතාවත් සිදු කිරීම, පාසල් ගීය, ජාතික ගීය ගායනා කරන අවස්ථාවල පාසල් භූමිය තුල ගමන් කිරීමෙන් වැළකිය යුතුයි.

    17).    කාණ්ඩ විෂයයන් සදහා හෝ පුස්තකාලයට, විද්‍යාගාරයට, ක්‍රීඩා පිටියට හෝ පන්තියෙන් පිට වන අවස්ථා වල තම පන්තියේ සිට එකිනෙකා පිටිපස පේලියකට යාම හා ඒම කල යුතුය.

    18).    විවේක කාලයේදී හැර  අන් කිසිදු වේලාවක අවසරයකින් තොරව පන්ති කාමරයෙන් බැහැර වීම සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇත.

    19).    අත්‍යවශ්‍ය හේතුවක් සදහා පන්ති කාමරයෙන් බැහැර විය හැක්කේ එක් වරකට දෙදෙනෙකුට පමණි. එසේ අවසර ඇතිව පන්තියෙන් පිට වන විට අවසර පත්‍රය අතෙහි තිබිය යුතුය.

    20).    පාසල් කාලය තුල නිසි අවසරයකින් තොරව පාසලෙන් බැහැර නොවිය යුතුය.

    21).    පාසලේ කීර්ති නාමයට හානි දායක වන ලෙසින් හෝ පාසලේ කිසිම ගුරුභවතෙකුට අගෞරව වන ලෙසින් කටයුතු නොකල යුතුය.

    22).    පාසලෙන් ඔබට නොමිලේ ලැබෙන පෙළ පොත් පිරිසිදුව හා අරපිරිමැස්මෙන් භාවිතා කල යුතුය.

    23).    ඔබ පාසලේ පරිසරයට හා භෞතික සම්පත් වලට හානි පමුණුවන කිසිවක් නොකළ යුතු අතර  එය ආරක්ෂා කිරීම ඔබ සතු යුතුකමක් හා වගකීමක් බව අවධාරණය කර ගත යුතුයි.

    24).    ඉහත දක්වා ඇති අත්‍යවශ්‍ය දේ හැර අන් සියළුම දේ ගේට්ටු පරීක්ෂා කරනු ලබන අධීක්ෂණ ගුරුභවතුන් විසින් හා ශිෂ්‍ය නායක නායිකා විසින් රදවා ගනු ලබන අතර මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් හෝ විරෝධතා දැක්වීම් කිසිදු සිසුවකුට හෝ ගුරුභවතෙකුට මෙන්ම දෙමාපිය භාරකරුවන්ටද සපුරු තහනම් වනු ඇත.

     

    මාර/මාකදුර මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවකු/සිසුවියක වන ඔබට පහත සදහන් කරුණු සපුරා තහනම්ය.

    • පාසල තුළ හෝ බැහැරව නිළ ඇදුමෙන් යුතුව නොමනා ලෙස හා අශීලාචාරව හැසිරීම.
    • පෙම් සම්බන්ධතා ගොඩ නගා ගැනීම හෝ පවත්වා ගෙන යාම .
    • ජංගම දුරකථන හෝ වෙනත් තාක්ෂණික මෙවලම් භාවිතා කිරීම.
    • ඇතැම් ඡායාරූප, වීඩියෝ පට ,CD තැටි හෝ VCD තැටි, PEN DRIVE, භාවිතය.
    • බුලත්විට, දුම්වැටි, මත්ද්‍රව්‍ය ,දියර කුඩු වර්ග භාවිතය.
    • බස් නැවතුම් පොළ , ගමන් කරන බස් රථය හෝ පොදු ස්ථාන වල අවේලාවේ නිළ ඇදුම් සහිතව ගැවසීම.
    • පස්වරු 1.30න් පසු නගරයේ හෝ අවට තැන් තැන් වල (වෙළද සැල් හෝ ත්‍රීරෝද රථ තුල) රැදී සිටීම හා පිරිමි ළමුන්ගේ නිළ ඇදුම නිසි පරිදි නොවීම. (කමීසය ,කලිසම යට නොකර සිටීම)
    • කලාප, අධ්‍යාපන කාර්යාල දැනුවත් කර වෙනත් පාසලක් ලබා දීමට කටයුතු කිරීම .මෙම විනය නීති කඩන සිසු සිසුවියන් පිළිබද වාර්ථා තබා ගැනීම හා විනය මණ්ඩල මගින් ගන්නා ඕනෑම තීරණයකට ඔබ යටත් වනු ඇත.

       

       

    •  
MAKADURA M.M.V

මාර/මාකදුර මධ්‍ය මහා විද්‍යාලය

රුහුණු රට

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • 4HR5+HXX, Mulatiyana Kamburupitiya Rd, Makandura

: (+94)412268633

: (+94)413421968

: [email protected]

Supported By

© 2026 MAKADURA M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk