ක්‍රීඩා ඉතිහාසය
මාතර මාකදුර මධ්‍ය මහා විද්‍යාලය ක්‍රීඩා ක්ෂ්‍රේත්‍රයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ඇති පාසලකි . මලල ක්‍රීඩා හා ජිම්නාස්ටික් ක්‍රීඩා තුලින් මාතර දිසත්‍රික්කයේ හා දකුණු පළාතේ පමණක් නොව සමස්ත ලංකා ජාතික හා ජාත්‍යන්තර මට්ටම දක්වා ජයග්‍රහණ රැසක් ලබි ඇති විද්‍යාලයේ ප්‍රථම සමස්ත ලංකා ජයග්‍රහණය 1977 වර්ෂයේ වයස අවුරුදු 19න් පහළ 1500 m ධාවන තරගයෙන් සිරිපාල හල්පගේ ක්‍රීඩකයා ප්‍රථම ස්ථානය ලබා ගැනීමෙනි. ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිඩා ජයග්‍රහණය 1995 වර්ෂයේ තමරලතා හල්පගේ ක්‍රීඩිකාව විසින් මීටර් 400x4 තරගයෙන් දෙවන ස්ථානය සදහා රිදී පදක්කම ලබා ගැනීමයි.ජිම්නාස්ටික් ක්‍රීඩාව තුලින්ද, සමස්ථ ලංකා ජයග්‍රහණ රැසක් ලබා ගෙන ඇත.
මෙයට අමතරව සමස්ථ ලංකා හා ජාතික මට්ටමේ ප්‍රථම,දෙවන හා තෙවන ස්ථාන ලබා ගත් ක්‍රීඩකයින් 50කට අධික සංඛ්‍යාවක් විද්‍යාලයට කීර්ති නාමයක් ලබා දී ඇත.2012 වර්ෂයේදී ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගය සදහා තරග ඇවිදීමේ ඉසව්ව වෙනුවෙන් චතුරංග බංගමුවගේ සහ පි.එච්.ගයානි ශ්‍රී ලංකාව නියෝජනය කල බව සදහන් කල යුතුය.තවද 2013 වර්ෂයේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවති ප්‍රථම ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගය සදහා තිළිණි මධුෂිකා ක්‍රීඩිකාව මීටර් 300 තරග ඇවිදීමේ ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කලර සිව්වන ස්ථානය ලබා ගන්නා ලදී.විද්‍යාලයට ක්‍රීඩා පිටියක් ලබා දීමෙනුත් මහා විද්‍යාල මට්ටමේ සිට මධ්‍ය මහා විද්‍යාලයක් දක්වා උසස් කිරීමටත් මෙම ක්‍රීඩාව තුළින් ලබා ඇති ජයග්‍රහණ පිටිවහලක් වූ බැව් සදහන් කල යුතුමය. ක්‍රීඩාවේ ජයගුහණ ලබා ගැනීමත් සමග ත්‍රිවීධ හමුදා සහ පොලිස් නිළධාරීන් ,ක්‍රීඩා නිළධාරීන්,ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ගුරුවරු හා ත්‍රිවිධ හමුදාවේ ශාරීරික අධ්‍යාපන උපදේෂක වරුන් ලෙස විද්‍යාලයෙන් බෙහෝ පිරිසක් රාජ්‍ය සේවයට එක් වී ඇත.තවද, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලද දැනට සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ත්‍රිවිධ හමුදා සංචිත වලට අනුයුක්තව හා වෘත්තීය ක්‍රීඩකයන් ලෙස මෙම ක්‍රීඩා පිටියේ දෛනිකව පුහුණු වීම් වල නිරත වේ.මුල්ම මලල ක්‍රීඩා ජයග්‍රහණය ලබා ගැනීම සදහා පාසලට අගනා මෙහෙයක් ඉටු කල මලල ක්‍රීඩා ජාතික පුහුණු කරු කේ.කේ.කුලරත්න මහතා පාසල වෙනුවෙන් කරන ලද සේවය සිහිපත් කල යුතුය.