පාසල් ඉතිහාසය
1913 වන විට මාකඳුර අවට පාසල් දෙකක් පැවැති බවට ඉතිහාස තොරතුරු වලින් වාර්තා වේ. මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය දැනට පවතින ස්ථානයේ රන්සෑගොඩ කතෝලික පවුලක මොහොට්ටි වලව්වේ මොහොට්ටි හාමු නමැත්තා ක්‍රිස්තියානි මිෂනාරි පාසලක් 1913 දී ආරම්භ කර ඇත.එම පාසලේ පළමු විදුහල්පතිවරයා වී ඇත්තේ හෙන්ද්රික් සිල්වා සමරසිංහ මහතාය. ළමුන් කිහිප දෙනෙකුගෙන් ඇරඹි ක්‍රිස්තියානි මිෂනාරි පාසලේ එවක අධ්‍යාපන මාධ්‍ය වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවයි.1913 වර්ෂයේදීම බැරගම විහාරස්ථානයේ වැඩ සිටි මාලිම්බඩ දේවානන්ද ස්වාමීන් වහන්සේ විසින් බැරගම විහාරස්ථානයේ තවත් පාසලක් ආරම්භ කරන ලදී. ළමුන් කිහිප දෙනෙකුගෙන්.ඇරඹි මෙම පාසලේ සිංහල බෞද්ධ පදනම මත සිංහල භාෂාව අධ්‍යාපන මාධ්‍ය කර ගනිමින් කටයුතු කළ බව සඳහන් ය.පසුව බැරගම බෞද්ධ සිංහල පාසලේ දරුවන්ද මොහොට්ටි හාමු විසින් ඇරඹි ක්‍රිස්තියානි මිෂනාරි පාසලට එකතු කර ඇත.
මීට පෙර 1990 දී ආසන්නව බණ්ඩාරවත්ත නම් රජයේ බංගලාවක පාසල ආරම්භ කළ බවට සඳහන් වන අතර එහි පළමු විදුහල්පතිවරයා වී ඇත්තේ ඩී. සමරසිංහ මහතාය. එතුමා 1915 තෙක් එහි සේවය කර ඇති අතර එම දරුවන්ද පසු කලෙක මාකඳුර ක්‍රිස්තියානි මිෂනාරි පාසලට එකතු වන්නට ඇත.
1919 වන විට ළමුන් සියයකට ආසන්න ප්‍රමාණයක් එකල වාර්තාවී ඇති අතර ක්‍රිස්තියානි මිෂනාරි පාසලේ අවසන් විදුහල්පතිවරයා වී ඇත්තේ බලකාවල හාමු නැමැත්තා බවට සඳහන් වේ.1920 වන විට මෙම පාසල් රජයට පවරා ගත් බවද වාර්තා වේ. පසුව එය සිංහල බෞද්ධ පාසලක් ලෙස නම් වූ අතර පාසලේ නාමය මාර/දේවානන්ද විද්‍යාලය විය. කෙසේ වුවත් රජයට පවරා ගත් මෙම පාසලේ පළමු විදුහල්පතිවරයා ලෙස සඳහන් වන්නේ එක්දාස් නමසිය හතළිස් හතේදී ජී.ඩී.ඒ. සිරිවර්ධන මහතාය. එතුමාගේ කාලයේ භෞතික සම්පත් හා මානව සම්පත් සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වූ බවට වාර්තා වෙයි.
1957 දී මාකඳුර විද්‍යාලයක් මහා විද්‍යාලයක් බවට පත්වූයේ 1996 මාකඳුර මධ්‍ය මහා බවට පත්වී 2008 දී ඉසුරු පාසලක් බවට පත්ව.2012 දී 1AB පාසලක් බවට පත්ව ඇත. රජයට පවරා ගන්නා විට 20x60 එකම ගොඩනැගිල්ලක දරුවන් 60 පමණ අකුරු කළත් අද වන විට 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දරුවන් 1200 පමණ අධ්‍යාපනය ලබන පාසලක් බවට වර්ධනය වී ඇත. එම දරුවන් උදෙසා අධ්‍යාපන පහසුකම් වලට සරල භෞතික පහසුකම් මෙන්ම මානව සම්පත් අතින්ද විද්‍යාලය ලබා ඇත්තේ විශාල ප්‍රගතියකි.
මෙම සියවස තුළ මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය මේ දක්වා ඔසවා.තැබීමට දායක වූවෝ බොහෝය. රජයේ පාසලක් බවට පත් වූ පසු එනම් 1920 සිට 1947 තෙක් විදුහල්පතිවරු පිළිබඳ වාර්තා නොවන අතර 1947 දී බී.ඒ සිරිවර්ධන මයා සිටි බවද; 1953 දී.ටී. ජී. සමරනායක මහතා, 1959 දී ඩී.එස්. වාසලත්‍රන්ත්‍රි, 1961 දී.එච්.ජී.එස්. ඈපා මයා, 1964 දී ඩී.එස් මෙන්ඩිස් මයා, 1965 දී එච්.එම් ඒ. චාර්ලිස් මයා, 1966 දී එස්.රණසිංහ මයා, 1967 දී නැවත එච්.එම් ඒ. චාර්ලිස් මයා, 1969 දී සී.වික්‍රමසිංහ, 1970 දී ජේ. මලවිආරච්චි මයා, 1971 දී ආර්. ජී.ප්‍රේමරත්න මයා, 1973 දී එච්.උපසේන මයා, 1979 දී බී.ඩී.ඩී. සමරසේකර මයා, 1982 දී ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්.සිල්වා මයා, 1983 දී ජේ.ගුණදාස මයා, 1989 දී එස්.කුමසාරු මයා, 1989 දී බී.සමරසේකර මයා, 1991 දී කේ.ජී.එස්. අබේවර්ධන මයා, 2002 දී ඩබ්ලිව්. හෙට්ටිආරච්චි මයා, 2002 දී එච්.කේ. බන්දුපාල මයා,2003 පී.ජී. ධර්මදාස මයා, 2007 දී එම්.ගනේවත්ත මයා 2008 දී එච් එස්.ද. සිල්වා මයා,2010 දී.පී කේ. විජේනායක මයා, 2018 දී වර්තමාන විදුහල්පතිවරයා වන චන්දික ජයවර්ධන මයා විදුහල්පති තනතුරු දරා ඇත.මෙයට අමතරව එදා සිට මේ දක්වා පාසල සංවර්ධනය කිරීමට දායක වූවන් අතර ආදී ශිෂ්‍යයන්,මාකඳුර අවට පළාත් වාසීන්, ව්‍යපාරික ප්‍රජාව යනාදිය සිහිපත් කළ යුතුය.